Monday, May 04, 2026
Follow Us
ශ්‍රී ලංකා-මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් පැළයක් රෝපනය කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව සිදු කෙරෙන ශ්රී ලංකාවේ රාජ්ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා ශ්රී ලංකා-මාලදිවයින් 60 වසරක රාජතාන්ත්රික සබඳතා සනිටුහන් කරමින් අද (04) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්යානයේදී පැළයක් රෝපණය කළේය.

 

කොළඹ විහාර මහා දේවි උද්යානය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර කුඩා දරු දැරියන් දෙරටේ ජාතික ධජ රැගෙන මග දෙපස රැඳී සිටිමින් මාලදිවයින් ජනාධිපතිවරයා වෙත හරසර පුද කළහ.
 
නියෝජ්ය කතානායක රිස්වි සාලි, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත්, කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය අනිල් ජයන්ත ප්රනාන්දු යන මහත්වරු, කොළඹ නගරාධිපති ව්රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.