Monday, April 27, 2026
Follow Us
ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 14ක් ජීවිතක්ෂයට - 37කට තුවාල
ඊශ්රායලය එල්ල කළ ප්රහාරවලින් ලෙබනනයේ 14 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වෙයි.

 

ලෙබනන සෞඛ්ය අමාත්යාංශය පවසන්නේ ඊයේ (26) ඊශ්රායලය එල්ල කළ ප්රහාරවලින් ළමයින් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
 
දකුණු ලෙබනනයේ ගම්මාන කිහිපයක් සඳහා ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.
 
කාලතුවක්කු සහ ගුවන් ප්රහාර එල්ල කළ බව වැඩිදුරටත් සඳහන්.
මේ අතර ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ඩ්රෝන ප්රහාරයකින් 19 හැවිරිදි ඊශ්රායල සොල්දාදුවෙකු මිය ගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි.