Monday, April 27, 2026
Follow Us
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමට සාකච්ඡාවක්

ඉන්දුනීසියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Muhammad Anis Matta මහතා ප්‍රමුඛ දූත පිරිස සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, මුනීර් මුලෆ්ෆර් මහතා අතර නිල හමුවක් පසුගියදා (24) අමාත්‍යංශ,
සංස්කෘතික අංශයේ දී පැවැත්විණ.

ඉන්දුනීසියානු තානාපතිනිය වූ H.E. Dewi Gustina Tobing මැතිනිය සහ ඉන්දුනීසියානු දූත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියා හා මධ්‍යම ආසියා අංශයේ අධ්‍යක්ෂ, මහේෂ් ප්‍රේමතිලක මහතා ද ඊට සහභාගී විය.

මෙම හමුව දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ ද්වීපාර්ශවික විශ්වාසය තවදුරටත් තහවුරු කළ ඉතා ගෞරවණීය හා ඵලදායී සාකච්ඡාවක් ලෙස හැඳින්විය හැකි ය. මෙහිදී පැවති සංවාදයන් හරහා ආගමික සහ සංස්කෘතික ක්ෂේත්‍රවල පවතින සමීප සබඳතා වැඩිදියුණු කිරීමට නව අවස්ථා විවෘත විය.

දෙරටේ අදාළ ආයතන අතර අනාගතයේදී තවදුරටත් ක්‍රියාකාරී සහයෝගීතාවයන් ගොඩනැගීමටද එකඟතාව පළ විය.