Wednesday, May 13, 2026
Follow Us
පාකිස්තාන ගමන අවලංගු කරන ලෙසට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් උපදෙස්

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා පාකිස්තානයට නොයන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් හට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සාම සාකච්ඡාව සඳහා ඔවුන් අද (25) දින පාකිස්තානය බලා යාමට සැලැසුම් කර සිටියත් ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය නියෝජිතයින්ට අදාළ සංචාරය සිදු නොකරන ලෙස දැනුම් දී ඇති බව ද  මාධ්‍ය වාර්තා පළ වේ.