එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල සංචාරයක නිරත වන ශ්රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික), එම සංචාරයට සමගාමීව හයිටි අග්රාමාත්ය Alix Didier Fils-Aimé සහ විදේශ කටයුතු අමාත්ය Raina Forbin යන මහත්ම මහත්මීන් සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.
මෙහිදී ශ්රී ලංකාව සහ හයිටි රාජ්යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශවයේම අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සහ දෙරටටම වැදගත් වන පොදු කරුණු සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
කලාපීය සහ ගෝලීය ආරක්ෂක ගතිකයන් පිළිබඳව ද දෙපාර්ශවයම අදහස් හුවමාරු කරගත් අතර, රාජ්යතාන්ත්රික හා ආරක්ෂක නාලිකා ඔස්සේ දෙරට අතර වඩාත් සමීප සම්බන්ධතාවක් සහ සහයෝගීතාවක් පවත්වා ගැනීම සඳහා වන තම කැපවීම ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික) මෙහිදී යළිත් අවධාරණය කළේය.