Friday, April 17, 2026
Follow Us
නාවික හමුදාව රැකගත් ඉරාන පිරිස යළි සිය රටට යයි
 
 
අමෙරිකානු ප්රහාරයකින් තුවාල ලබා ශ්රී ලංකා නාවික හමුදාව මගින් බේරා ගෙන මෙරට තුළ රදවා තබා සිටි ඉරාන ජාතිකයන් ඉරාන විශේෂ ගුවන් යානයකින් ඊයේ (14) රාත්රීයේ ආපසු රැගෙන යාමට පියවර ගෙන ගත් බව වාර්තා වේ.

 

ඉරානයට අයත් මෙරාජ් ගුවන් සේවයට අදාළ  විශේෂ ගුවන් යානය ඊයේ ‍ෙ පස්වරු 04.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ අසළ පිහිටි ශ්රී ලංකා ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබෙනවා.
 
ඉන්පසුව මෙම ඉරාන ජාතිකයන් පිරිස රැගත් විශේෂ ගුවන් යානය ඊයේ දින රාත්රී 08.35 කටුනායක ගුවන් හමුදා කදවුරෙන් ඉරානයේ අප්රකාශිත ගුවන් තොටුපොළක් වෙත ගමන් අරඹා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.