බුරුන්ඩි රාජ්යයේ බුජුම්බුරාහි නගරයේ පිහිටි ප්රධාන හමුදා අවි ගබඩාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.
තුවාල ලැබූ සංඛ්යාව 50කට අධිකයි. විදුලි කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුව ඇති බව එරට හමුදාව පවසයි.
ජනාවාස මධ්යයේ පිහිටි මෙම අවි ගබඩාවේ ඇති වූ ගින්නෙන් අසල පිහිටි නිවාස, ගොඩනැගිලි සහ වාහන රැසකට දැඩි හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක නිරත වූ බවත්, මියගිය පිරිස අතර සිවිල් වැසියන් ද සිටින බවත් බලධාරීන් කර තිබේ.