ෙලෝක බෞද්ධ සාම සම්මේලනය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (27) උත්සවාකාරයෙන් හයිද්රාබාද්හි දී පැවැත්විණි.
2026 වසරේ ලෝක බෞද්ධ සාම සම්මේලනය සුප්රසිද්ධ බුද්ධවනම් ව්යාපෘතිය සමග එක්ව මෙම සම්මේලනය පැවැත්වීය.
සමුළුවේ ලේකම් පදවිය හෙබවූයේ ලෝ ප්රකට විද්වත් ආචාර්ය තිච් නාත් තු නම් වියට්නාම් තෙරුන්වහන්සේ ය. ප්රධාන සංවිධායක ලෙස ප්රකට බොලිවුඩ් රංගන ශිල්පී ශ්රී ගගන් මලික් කටයුතු කළේ ය.
මෙම සම්මේලනයේදී රටවල් 23 ක පර්යේෂකයන් සිය පත්රිකා ඉදිරිපත් කර තිබුණි.
මෙම අවස්ථාවට අමාත්යවරයා මග පූජ්ය අග්රහැරේ කස්සප හිමි හා සිද්ධි විනායක් සිනේ ආර්ට්ස් පදනමේ සභාපති කෞෂල්යා වික්රමසිංහ මෙනෙවිය.
ඉංදීය රජය වෙනුවෙන් තෙලඟනාහි සංචාරක සංස්කෘතික හා පුරාවිද්යාව පිළිබඳ අමාත්ය ජුපල්ලි ක්රිෂ්ණා රාඕ සහ විද්වත්තු රැසක් සහභාගි විය.