Saturday, March 28, 2026
Follow Us
ට්‍රම්ප් ඉරානයට දින 10ක් දක්වා කල්දෙයි

ඉරානයේ බලශක්ති පද්ධති සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීමේ තීරණය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින 10කින් කල්දමා තිබෙන බව වාර්තා වෙයි. 

ඒ් අනුව ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 6 දක්වා කල් දැමීමට තීරණය කර ඇත.

ට්‍රම්ප් සිය ‘truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සදහන් කර ඇත්තේ ඉරානය සමග සාකච්ජා අඛණ්ඩව පවත්වන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.

පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ලකරන බවට ජනපති ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ඉරානයට අනතුරු අඟවා තිබුණි.