විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්රහණය කළ ඉන්දීය කණ්ඩායමට එරට අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දීය අග්රාමාත්යවරයා සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත්තේ, මෙම ඓතිහාසික ජයග්රහණය ඉන්දීය ක්රීඩකයින්ගේ සුවිශේෂී දක්ෂතාව, කැපවීම සහ සාමූහික ප්රයත්නය මැනවින් පිළිබිඹු කරන බවයි.
තරගාවලිය පුරා ඉන්දීය කණ්ඩායම ප්රදර්ශනය කළ විශිෂ්ට ක්රීඩා විලාසය අගය කළ අග්රාමාත්යවරයා, මෙම ජයග්රහණය මුළුමනින්ම ඉන්දීය ජනතාවට හිමි වූ සතුටක් බව ද සඳහන් කර තිබේ.