Thursday, February 12, 2026
Follow Us
‘සාමය සඳහා වූ පා ගමන’වොෂින්ටන් හී පිහිටි ලංකා තානාපති කාර්යාලය විසින් පිළිගනියි

එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා ජනතාව ආකර්ෂණය කරගත් ‘සාමය සඳහා වූ පා ගමන’ 10 වන දින වොෂින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පිළිගන්නා ලදී.

පා ගමනේ යෙදෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ එක්සත් ජනපද චාරිකාව අතරතුර වොෂින්ටන් වෙත පැමිණි 200 කට අධික බෞද්ධ භික්ෂූන් වහන්සේලා උදෙසා එදින දහවල් දානය සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර සපයමින් දායකතාවය දැක්වුවේය. ජාතික එක්සත් මෙතෝදිස්ත දේවස්ථානයේ පැවැති එම දානය වොෂින්ටන්, මේරිලන්ඩ් සහ වර්ජිනියා යන ප්‍රාන්තවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරන ලදී.

කොලොම්බියා දිස්ත්‍රික් ලේකම් Kimberly A. Basset මහත්මියගේ ආරාධනයෙන් තානාපති මහින්ද සමරසිංහ මහතා වොෂින්ටන් ජාතික ආසන දෙව්මැදුරේ පැවති අන්තර් ආගමික උත්සවයට ද සහභාගී විය. 

තානාපති මහින්ද සමරසිංහ මහතා, තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන් අනතුරුව භික්ෂූන් වහන්සේලා සමඟ පා ගමනට එක්වූහ.
මෙම පා ගමන 2025 ඔක්තෝබර් 26 වන දින ටෙක්සාස්, ෆෝර්ට් වර්ත් හි හුං ඩෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට වොෂින්ටන් දක්වා සැතපුම් 2,000කට වැඩි දුරක් සහ දින 109ක පා ගමනකි.