ඉන්දියාවේ පැවති 12 වැනි යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලිය – 2026 ( Yong Chef Olympia – 2026) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනා ගත් රුමිර පියසිරි ශිෂ්‍යයා අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය .
ශිෂ්‍යය සූපවේදීන් සදහා වන ලොව විශාලතම ගෝලීය සූපශාස්ත්‍ර තරගාවලිය වන මෙම තරගාවලිය ඉන්දියාවේ ජාත්‍යන්තර හෝටල් කළමනාකරණ ආයතනය සහ ලන්ඩනයේ ජාත්‍යන්තර ආගන්තුක සත්කාර කවුන්සිලය මගින් සංවිධානය කර තිබූ අතර , එය ඉකුත් 02/01 දින සිට 02/06 දින දක්වා ඉන්දියාවේ කල්කටා නුවර ලෝකයේ රටවල් 50 ක සූපවේදී තරගකරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .