මෙක්සිකෝවේ ඊයේ සිදු වූ ප්රබල භූමි කම්පාවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව, එරට බලධාරීන් තහවුරු කර තිබේ.
එහි ප්රබලත්වය රිච්ටර්මාපක 6.5 ක් ලෙස වාර්තා වූ බව සඳහන් වේ.
ඊයේ පස්වරුවේ දකුණු සහ මධ්යම මෙක්සිකෝවේ ප්රබල භූමිකම්පාවක් හට ගත් අතර 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වී තිබේ . ප්රබල භූමිකම්පාවේ අපකේන්ද්රය එරට නිරිතදිග ‘ගුරේරෝ’ ප්රාන්තයේ ‘සැන් මාකෝස්’ නගරයට සහ ජනප්රිය සංචාරක නගරයක් වන ‘ඇකපුල්කෝ’ නගරයට ආසන්නයේ පිහිටි බව සඳහන්.
ප්රබල භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන අඛණ්ඩව වාර්තා වන බව එරට බලධාරීන් පවසයි.
ඕනෑම හදිසි තත්වයක් සඳහා කඩිනමින් ඉවත් වීමට සූදානම්ව සිටින ලෙස මෙක්සිකෝවේ ජාතික ආපදා වැලැක්වීමේ මධ්යස්ථානය ජනතාවට දැනුම් දී තිබේ. මෙක්සිකෝව ලොව වඩාත්ම භූ කම්පන සක්රීය රටවලින් එකක් ලෙස සැලකේ.