මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්රී ලාංකික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට එක්වෙමින් ජනතාව මුදා ගැනීමේ, සහන සැලසීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉන්දීය අග්රාමාත්යවරයා ප්රමුඛ රජය දැක් වූ හෘදයාංගම සහායට මෙහි දී ජනාධිපතිතුමන් ස්තූතිය පළ කර තිබේ.
අග්රාමාත්ය නරේන්ද්ර මෝදී මහතාගේ උපදෙස් පරිදි ශ්රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සිය අඛණ්ඩ සහාය පළ කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් ශ්රී ලංකාවට ලබා දෙන බවත්, එසේම, අවශ්ය වෙනත් ඕනෑම සහායක් ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්යවරයා මෙහි දී පැවසීය.
මෙම සුවිශේෂී සහයෝගීතාව ඉන්දු - ශ්රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇත.
අනතුරුව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවල දී දෙරට අතර ආර්ථික,වෙළෙඳ, කෘෂිකාර්මික, සෞඛ්ය, බලශක්ති සහ නිවාස ඉදිකිරීම් ආදි ක්ෂේත්රයන්හි සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණු අතර විශේෂයෙන් ශ්රී ලංකාවේ සංචාරක ව්යාපාරය නඟාසිටුවීමට අඛණ්ඩ සහාය ලබා දෙන බව ද එහි දී ප්රකාශ වී ඇත.