Wednesday, December 17, 2025
Follow Us
කාර්මික දෝෂයකට ලක්වූ තුර්කි ගුවන්යානය දිවයිනෙන් පිටත්ව යයි

කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඊයේ (16) රාත්‍රියේ ආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ TK733 නම් තුර්කි ගුවන්යානය අද (17) පස්වරුවේ යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම පවසා සිටියේ, එම යානය මගීන් 51ක් සමග ප.ව. 5.41ට මෙරටින් පිටත් වූ බවයි.

තුර්කි ගුවන් සේවයට අයත් TK733 දරන මෙම ගුවන් යනයේ මගීන් 202ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු සමඟ තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.

මෙම ගුවන් යානය පිටත්වී සුළු වෙලාවකින් එහි රෝද පද්ධතිය නිසි පරිදි ගුවන් යානය තුළට හැකිලීම සිදුව නොමැති බවට ගුවන් නියමුවාට දැන ගැනීමෙන් පසු ගුවන් යානය ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත බැස්සවීමට ගුවන් නියමුවා සමත්විය.