Monday, November 17, 2025
Follow Us
බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කෙරේ

බංග්ලාදේශයේ පසුගිය වසරේ පැවති ශිෂ්ය විරෝධතා මර්දනය සම්බන්ධයෙන් එරට හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඩුවම නියම කොට තිබේ.

වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ලකිරීමට ඩ්‍රෝන, හෙලිකොප්ටර් යානා සහ මරණීය අවි භාවිත කිරීමට නියෝග ලබාදීම වැනි ක්‍රමික වරද යටතේ මෙලෙස ඇයට දඬුවම් ලබාදී තිබේ.

ඇය පහළොස් වසරක් තිස්සේ බංග්ලාදේශය පාලනය කළ අතර, 2024 විරෝධතා අතරතුර ඇය ගෙන ගිය මර්දනකාරී පියවර යටතේ පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් මියගිය අතර තවමත් එරට මැතිවරණයක් පවත්වා නීත්‍යානුකූල රජයක් පිහිටුවාගෙන නොමැත.