Monday, February 09, 2026
Follow Us
26 වන එක්සත් ජාතීන්ගේ සංචාරක මහ සභා රැස්වීමට ශ්‍රී ලංකාවට ඇරයුම්

රියාද් හි පැවැත්වීමට නියමිත 26 වන එක්සත් ජාතීන්ගේ සංචාරක මහ සභා රැස්වීමට නිල වශයෙන් ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති  කාලිද් හමූද් නාසර් අල්කහ්තානි මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ(21) හමු වූ අවස්ථාවේ දීය.

මෙම හමුවේදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත.