සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (H.E. Akio Isomata) මහතා ඇතුළු ජපාන දූත පිරිසක් ඊයේ (10) ශ්රී ලංකා ජාතික රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.
ජපන් රජයේ සහ ජපන් ජනතාවගේ පරිත්යාගයන් ලෙස ශ්රී ජාතික රෝහලට ලබා දුන් උපකරණවලින් සිදුවන ප්රතිකාර සේවාවන් පිළිබදව යම් අවබෝධයක් ලබා ගැනීමත්, ජපාන රජයේ සහයෝගය ඉදිරියටත් මෙරට සෞඛ්ය පද්ධතියේ සංවර්ධනයට දායක කරගැනීමත් අරමුණු කරගනිමින් මෙම නිරීක්ෂණය සිදුකෙරිණි.
මෙරට ජනතාවගේ සෞඛ්ය තත්ත්වය ඉහළ නංවාලීම සදහා මෙන්ම කාර්යක්ෂම, විශිෂ්ට ප්රතිකාර සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් M.R.I යන්ත්රයක්, C.T. Scan යන්ත්රයක්, Cathlab ප්රතිකාර අංශයක්, ඇතුළුව වෛද්ය හා ශල්ය උපකරණ, මෙන්ම අත්යවශ්ය උපකරණ රාශියක් ශ්රී ලංකා ජාතික රෝහලට මීට මාස කිහිපයකට පෙර ජපන් රජයෙන් ලබා දීමට කටයුතු කර තිබුණි. එම උපකරණ සියල්ලෙහි වටිනාකම ජපන් යෙන් මිලියන 1000 කි.
මෙරට පළමු ජාතික රෝහලවන ශ්රී ලංකා රෝහල සංවර්ධනය කිරීමට වත්මන් රජය, සෞඛ්ය අමාත්යාංශය විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බවත්, ඒ් සදහා විදේශයන්ගේද සහාය නිබඳව ලබා ගන්නා බවත්, ජපන් තානාපතිතුමාගේ මැදිහත්වීමෙන් ජපන් රජයේ පරිත්යාග ද මෙරට සෞඛ්ය ක්ෂේත්රයේ අනාගත ප්රගමනය වෙනුවෙන් ලබා දීමට කටයුතු කිරීම පිළිබදව ජපාන තානාපතිතුමාටත්, ජපන් රජයටත් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී විශේෂ ස්තූතිය ද පකර සිටියේ ය.
මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතා අදහස් දක්වමින් කියා සිටියේ ශ්රි ලංකාව හා ජපානය අතර දීර්ඝකාලීන මිතුදමක් පවතින බවත්, මෙරට සෞඛ්ය ක්ෂේත්රයේ අනාගත සංවර්ධනය වෙනුවෙන් මෙතෙක් ලබාදුන් සහාය ඉදිරියටත් අඛණ්ඩව ලබාදෙන බව ය.
මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්ය කුමාර වික්රමසිංහ, ශ්රී ලංකා ජාතික රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය ප්රදීප් විජේසිංහ, නියෝජ්ය අධ්යක්ෂවරුන්වන වෛද්ය ඉන්දික ජාගොඩ, විශේෂඥ වෛද්ය ප්රදීප් රත්නසේකර යන මහත්වරුන් ද, පරිපාලන නිලධාරීවරුන්, විශේෂඥ වෛද්යවරුන්,වෛද්යවරුන්,හෙදහෙදියන් ඇතුළු සියලු සෞඛ්ය වෘත්තිකයන් නියෝජනය කරමින් පිරිසක්ද ඒක්ව සිටියහ.