Friday, August 08, 2025
Follow Us
ගුවන් අනතුරක්
කෙන්යාවේ වෛද්ය ආධාර සපයනු ලැබූ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති විදේස් මාධ්‍ය වාර්තා කරයි.

එරට බලධාරීන් පවසන්නේ, අනතුරින් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.

 කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි වෛද්ය ආධාර සපයනු ලබන අම්රෙෆ් නැමති පුණ්යායතනයකට අයත් සැහැල්ලු ගුවන් යානයක් මෙසේ අනතුරට පත්ව ඇත.

 
එම ගුවන් යානය නයිරෝබි අගනුවර පිහිටි විල්සන් ගුවන් තොටුපොළෙන් සෝමාලියාවේ “හාගීසා” නගරය බලා පියාසර කරමින් පැවති බවයි වාර්තා වන්නේ.
 
පසුව යානය, කෙන්යාවේ “ගිතුරායි” ප්රදේශයේදී නේවාසික ගොඩනැගිල්ලක් මතට කඩා වැටී ඇති බව, එරට බලධාරීන් සඳහන් කළේය.
 
.
මේ සම්බන්ධයෙන් වන විමර්ශන අඛණ්ඩව ක්රියාත්මක බව, කෙන්යානු ආරක්ෂක අංශ පවසයි.