Wednesday, February 11, 2026
Follow Us
ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක් සාම සාධක හමුදා රාජකාරී සඳහා යයි

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක භට පිරිසක් අද (13) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

විජයබාහු පාබළ රෙජිමේන්තුවේ මෙන්ම , වෛද්‍ය , ඉංජිනේරු සහ සේවා බළකායන්ට අයත් නිලධාරීන් 20 ක් සහ සෙසු නිලවලට අයත් 223 දෙනෙකුගෙන් යුතු භට පිරිසක් මෙම රාජකාරී සඳහා පිටත්ව ගියා.

පිරිස රැගෙන යෑම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767- 300 වර්ගයේ ගුවන් යානයක් වෙන් කර තිබූ අතර මෙම ශ්‍රී ලාංකික යුධ හමුදා භට පිරිස රැගෙන එම ගුවන් යානය අද දින අලුයම 3.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් මාලි රාජ්‍යය බලා පිටත්වුණා.

මෙම භට පිරිස වෙත සුභ පැතීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

(Neth)