Tuesday, July 29, 2025
Follow Us
ධුරයෙන් ඉවත්ව යන මෙරට නෙදර්ලන්ත තානාපතිනිය සහ අගමැතිනිය අතර හමුවක්

නෙදර්ලන්ත රජයේ මෙරට තානාපති ලෙස කටයුතු කළ Bonnie Harbach මහත්මිය සිය සේවා කාලය අවසන් කර මෙරටින් පිටව යාමට ප්‍රථම ඊයේ (28)  අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය.

ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය මෙහිදී යොමු වු අතර ලංකාවේ මෙතෙක් පැවති සාමකාමී මැතිවරණ ත්‍රිත්වය සම්බන්ධයෙන් සතුටට පත් වන බවත්, වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල අගය කරන බවත් තානාපතිනිය මෙහිදි පැවසුවාය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳවත්, අභියෝග ජය ගැනීම  සඳහා නෙදර්ලන්ත රජය සහයෝගය   ලබා දෙන බවත් තානාපතිනිය මෙහිදී අවධාරණය කළාය.

නෙදර්ලන්ත තානාපතිනිය ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් සහය පිලිබඳව සතුටු වන බවත්, ඉදිරියටත් නෙදර්ලන්තයේ සහය ශ්‍රි ලංකාවට ලබා දීම වෙනුවෙන් කටයුතු කරන ලෙසත්, ඉදිරි කටයුතු වෙනුවෙන් සුභපැතුම් එක් කරන බවත්  අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා සිටියා ය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී  නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක නාමල් පෙරේරා,  විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂිකා තිවංකා අතුරලිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.