Tuesday, February 10, 2026
Follow Us
ජනපති වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයේදී ඊයේ (28) රාත්‍රියේ පැවැත්විණි.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා සහ ජනපති ආර්යාව විසින් මෙම විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර තිබිණි.

මේ අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු මෙරට දූත පිරිස සහභාගි වූහ.