2010 සිට, ජපාන රජය පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා අවස්ථා ලබාදීමෙන් ශ්රී ලංකාවේ විධායක මට්ටමේ තරුණ රාජ්ය නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනයට ක්රියාකාරීව සහාය වෙමින් සිටී.
මෙම ශිෂ්යත්ව, මානව සම්පත් සංවර්ධන ශිෂ්යත්ව සඳහා ජපන් ප්රදාන ආධාර (JDS) වැඩසටහන හරහා ප්රදාන පදනමක් මත පිරිනමනු ලැබේ.
මෙම වැඩසටහන සඳහා ජපන් රජය විසින් නිල සංවර්ධන ආධාර යටතේ අරමුදල් සපයනු ලබන අතර ජපාන ජාත්යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) හරහා ක්රියාත්මක කරනු ලැබේ.
2010 සිට 2025 දක්වා කාලය තුළ මෙම ශිෂ්යත්ව වැඩසටහන මඟින් පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා අවස්ථා 240 ක් සහ ආචාර්ය උපාධි වැඩසටහන් සඳහා අවස්ථා 16 ක් ලබා දී ඇත.
JDS වැඩසටහනෙන් ප්රතිලාභ ලබන රාජ්ය නිලධාරීන්, ඔවුන්ගේ උසස් අධ්යයන තුළින් උකහා ගන්නා දැඩි ආත්ම විශ්වාසය මගින් ශක්තිමත් වී, රටේ සමාජ-ආර්ථික සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබා දෙනු ඇතැයි ශ්රී ලංකා රජය අපේක්ෂා කරයි.
මෙම නිලධාරීන් ශ්රී ලංකාව සහ ජපානය අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීම, දෙරට අතර සහයෝගීතාවය සහ අන්යෝන්ය වර්ධනය පෝෂණය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
මෙම සම්බන්ධතාවය රටේ වර්ධන මුලපිරීම් සහ ජාත්යන්තර සහයෝගීතාවයට ද ඒ හා සමානව වැදගත් වන අතර, විවිධ අංශයන්හි ප්රගතිය සහ සංවර්ධනය සඳහා විභවය වැඩි දියුණු කරයි.
2010 සිට 2025 දක්වා කාර්යය රාමු හතරක් යටතේ JDS වැඩසටහන ක්රියාත්මක කිරීම සාර්ථකව නිම කර ඇති අතර, දැනට 2022 සිට 2025 දක්වා සිව්වන කාර්යය රාමුව ක්රියාත්මක වෙමින් පවතී.
එක් එක් වර්ෂය සඳහා ජපාන රජය විසින් අරමුදල් වෙන්කරනු ලබන් අතර මෙම වසරේ වැඩසටහන සඳහා ජපාන රජය විසින් වෙන් කරන ලද මුළු ප්රදානය ජපන් යෙන් මිලියන 332 කි (ආසන්න වශයෙන් රු. මිලියන 687).
මෙම වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා රජයන් දෙක අතර හුවමාරු පත්රයක් සහ ශ්රී ලංකා රජය සහ JICA අතර ප්රදාන ගිවිසුමක් අද, 2025 ජූලි 24 වන දින මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේදී අත්සන් කරන ලදී.
ශ්රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ජපාන රජය වෙනුවෙන් ශ්රී ලංකාවේ අතිගරු ජපන් තානාපති ISOMATA අකියෝ මහතා සහ JICA ආයතනය වෙනුවෙන් JICA හි ප්රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා අදාළ ලියකියවිලි වලට අත්සන් තැබූහ.