ජාත්යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ (ISA) ආසියා සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සමුළුවේ දෙවන දිනය ජුලි මස 16 දින කොළඹ ICT රත්නදීප හෝටලයේ දී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණ.
"විවිධත්වයෙන් හා අවස්ථාවන්ගෙන් පිරි කලාපයක් හරහා සූර්ය බල ශක්ති සහයෝගීතාව ඉදිරියට ගෙන යාම" යන තේමාව යටතේ පැවති මෙම සැසිවාරයේ සම සභාපතිත්වය ශ්රි ලංකාව දැරීය.
මෙහිදී අදහස් දැක් වූ අග්රාමාත්යතුමිය, කලාපීය සූර්ය බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, තිරසාර සංවර්ධනය තුළින් බලශක්ති සුරක්ෂිතභාවය අත්කර ගැනීමටත් ශ්රී ලංකාව කැපවී සිටින බව අවධාරණය කළාය.
ශ්රී ලංකාව සහ ISA කලාපීය කමිටුව අතර දේශීය හවුල්කාරිත්වය සනිටුහන් කරමින්, නිල මාර්ග සිතියම් රාමුවට අත්සන් තැබුණූ අතර, එය බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි මහතා වෙත පිළිගැන්වීම ද මෙහි දී සිදුවිය.
මෙම අවස්ථාවට එක්වෙමින් බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි මහතා,
සූර්ය බලශක්තිය භාවිතය පුළුල් කිරීමේ රජයේ "සූර්ය බලශක්තිය සඳහා සටන"යන වැඩසටහන සහ 2030 වන විට 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව පැවසීය.
මෙම සමුළුව නව කලාපීය හවුල්කාරිත්වයන් ගොඩනැගීම සඳහා වන අවස්ථාවක් වූ අතර, මොරටුව විශ්ව විද්යාලය සූර්ය බලශක්ති නවෝත්පාදන සඳහා ප්රධාන දැනුම් හා පර්යේෂණ මධ්යස්ථානයක් ලෙස හඳුනා ගන්නාගැනීමද සිදුවිය.
සූර්ය බල තාක්ෂණය හරහා කලාපීය දියුණුව සහ විවිධ සමාජ-ආර්ථික කටයුතු සඳහා සූර්ය බලය භාවිත කිරීමට ප්රායෝගික විසඳුම් ඇතුළත් විශේෂ සූර්ය බල නවෝත්පාදන ප්රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ද අග්රාමාත්යවරිය එක්වූවා ය.
ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ISA අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු ආසියා - පැසිෆික් කලාපයේ නියෝජිතයින් ද, රටයල් 124ක සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.