දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ පේටොංටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කර තිබේ.
ඒ අනුව කාම්බෝජයේ හිටපු නායක Hun Sen අමතා ඇය සිය තායි හමුදා අණ දෙන නිලධාරියෙකු විවේචනය කිරීමක් සිදුකර ඇති අතර, මෙම සිදුවීමත් සමඟ එරට විරෝධතා ද ආරම්භ වී තිබුණි.
ඇයව සේවයෙන් පහ කිරීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර, එය මේ වන විට එරට අධිකරණයේ සලකා බලමින් පවති.
එම කාලය අතරතුර ඇයගේ සේවය අත්හිටුවීමට අධිකරණ විනිසුරු මඩුල්ල 7-2 ක් ලෙස ඡන්දය ලබාදී ඇති බව සඳහන් වේ.
මේ අතර තායි නියෝජ්‍ය අගමැති Suriya Juangroongruangkit රටේ වැඩබලන නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.