ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චීනයේ හූ ජෝ නගරයේ ද චිං ප්‍රාදේශිකයේ වූස ගම්මානයේ නියෝජිතයන් හමු වී ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුලු නියෝජිතයින් පිරිසක් මේ දිනවල චීනයේ සංචාරයක නිතර වෙයි.
මෙම පිරිස ඊයේ(10) දිනයේ දී ද චිං ප්‍රාදේශිකයේ වූස ගම්මානයේ ජාත්‍යන්තර භූ ගෝලීය තොරතුරු මධ්‍යස්ථානයක සහ වෙට් වයිප්ස් නිෂ්පාදන කම්හලක් නැරඹීමට එක්විය.
අනතුරුව ඔවුන් වූස ගම්මානයේ ප්‍රධානීන් සහ හූ ජෝ නගරයේ උප නගරාධිපති ඇතුලු නියෝජිතයන් සමග සාකච්ඡාවක් සිදු කර තිබෙයි.
නවීන තාක්ෂණය තුළින් වූස ගම්මානයේ කසළ ප්‍රශ්න විසදා ඇති ආකාරය , ගමේ සංවර්ධනය සඳහා කාන්තාවන්ගෙන් වැඩි දායකත්වයක් ලබාදෙන ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි.