ශ්‍රී ලංකාව වෙනුවෙන් නව පත්වීම් ලැබූ මහකොමසාරිස්වරුන්, කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් ඊයේ (19) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
ඉන්දියාව සඳහා පී.එම්. කොලොන්නේ, නිව්යෝර්ක් සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජයන්ත ජයසූරිය, කියුබාව සඳහා ආර්. එම්. මහින්දදාස රත්නායක, පාකිස්ථානය වෙනුවෙන් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්රෙඩ් සෙනෙවිරත්න, ජපානය සඳහා මහාචාර්ය පී. ජානක කුමාරසිංහ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා මහාචාර්ය අරූෂා කුරේ, එක්සත් රාජධානිය සඳහා එස්. ඩී. එන්. යූ. සේනාධිර යන මහත්ම මහත්මීන් මහකොමසාරිස්වරුන් , කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් ලෙස ඉදිරියේදී පිටත්ව යාමට නියමිතය.
නව තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් සිය ධූරකාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන කරුණු පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමටද කටයුතු කළ අතර අග්‍රාමාත්‍යතුමිය එහිදී සිය සුභ පැතුම් පළ කළාය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු අමාත්‍යංශයේ මානව සම්පත් සහ මෙහෙයුම් කළමනාකරණය පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.