Monday, May 06, 2024
Follow Us
කැබිනට් එකට හොරෙන් ගුවන්යානා 3ක් අලුත්වැඩියාව යුක්රේන් මාස් ආයතනයට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 B වර්ගයේ ගුවන්යානා තුනක් නියමිත පටිපාටියෙන් තොරව යුක්රේනයේ, යුක්ක්‍රෙන් මාස් නමැති ආයතනයට ලබාදීම සඳහා අවශ්‍ය ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.

කැබිනට් මණ්ඩලයටවත් නොදන්වා, ගුවන් හමුදාවටත් හොර රහසේ ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් කර ඇත්තේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් නඩුවක්ද පවරා ඇති පසුබිමකය. මීට පෙර ඩොලර් මිලියන දහයකට මෙම ගුවන්යානා අලුත්වැඩියාව සඳහා ගිවිසුම් අත්සන් කිරීමට සැලසුම් කර තිබිණි. නමුත් ඇතිවූ විරෝධය හේතුවෙන් එම මුදලින් ඩොලර් මිලියන 2.4ක් අඩු කිරීමටද එකඟත්වය පළකර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ මැදිහත් වීමෙන් ලබන 16 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර මෙය අත්සන් කිරීමට සැලසුම් කර ඇත. යුක්ක්‍රෙන් මාස් ආයතනය විසින් යුද හමුදාවට BTR රථවල ටයර් ලබාදීමේ ටෙන්ඩරයක් ගෙන ඇතත් එය මේ වනවිට නිසි පරිදි සැපයුම් භාරදීමටද නොහැකි වී ඇත.

කෙසේ වෙතත් පසුගිය සමයේ යුක්ක්‍රෙන් මාස් ආයතනයේ දෙදෙනකු මෙරටට පැමිණ ඇත්තේ එම ගිවිසුම අත්සන් කිරීමටය.

එම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව SCM 860, SCM 863, SCM 869 යන ඇන්ටනොව් 32B වර්ගයේ ගුවන්යානා තුන යුක්රේනයට රැගෙන යාමට නියමිතය. ඉන් එකක් ලබන 16 වැනි දිනට පෙර රැගෙන යාමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

(Aruna)