ඊශ්‍රායල සහ පලස්තීනය අතර යුද්ධය ආරම්භ වූ දා සිට ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් 50,000කට අධික පිරිසක් මියගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම කාලය තුළ තවත් පුද්ගලයන් 113,274 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වේ.
2023 වසරේ ඔක්තෝබර් 07 වන දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයකින් එම යුද්ධය ආරම්භ වූ අතර එමඟින් සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයින් 1,200ක් මිය ගොස් තිබේ.
එහිදී තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට රැගෙන ගොස් ඇති බව ද වාර්තා වෙයි.
ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය විසින් ගසා තීරයට විශාල ප්‍රහාරයක් එල්ල කර තිබේ.