Thursday, February 12, 2026
Follow Us
ජනාධිපතිවරණය ගැන තානාපති කාර්යාල හතරකින් සමීක්ෂණ…ඇමෙරිකාවේ ඉලක්කය උතුර

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තානාපති කාර්යාල හතරක් වෙන වෙනම සමීක්ෂණ සිදු කර ඇත. ඇමෙරිකාව, ඉන්දියාව, චීනය සහ කියුබාව යන රටවල තානාපති කාර්යාලය මෙම සමීක්ෂණ සිදුකර ඇති අතර එහි අවසන් වාර්තාව හෙට (10) වැනිදා ඔවුන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව එම තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමරිකාව උතුරු පළාත ඉලක්ක කරගෙන සිය සමීක්ෂණය සිදු කර ඇතැයි ද සෙසු රටවල් මුළු දිවයින ම ආවරණය වන පරිදි සමීක්ෂණ සිදු කර ඇතැයි වාර්තා වේ.

(Lanka Leads)