Tuesday, February 25, 2025
Follow Us
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා එක්වෙයි

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි සැසිවාරයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගි වී සිටී.

එහිදී මානව හිමිකම් සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ ප්‍රධාන සාකච්ඡා කිහිපයක් පැවැත්වෙනු ඇති.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු උප රාජ්‍ය ලේකම් හයිබරිහි කොලින්ස් සාමිවරයා සමඟ ද්විපාර්ශ්වික හමුවකට ද එක් වූ අමාත්‍යවරයා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් Volker Türk මහතා, පලස්තීන රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Varsen Aghabekian මහත්මිය, ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු අමාත්‍ය Ignazio Cassis  මහතා සහ තවත් නායකයින් කිහිපදෙනෙකු ද හමු වී තිබේ.

මේ අතර අමාත්‍යවරයා මෙම සංචාරයේ දී මානව හිමිකම් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ආමන්ත්‍රණය කිරීමට ද නියමිතය.