ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ සංවර්ධනය සඳහා සහය ලබාදීමට ඉන්දීය රජය කැමැත්ත පළ කළ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති ඉන්දියාවේ විශාලම පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය වන ” භාරත් Tex 2025 ” පේෂකර්ම ප්‍රදර්ශණයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගි වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඉන්දියාවේ පේෂ කර්මාන්ත අමාත්‍ය ගිරිරාජ් සිං මහතා හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවයට එළැඹිණි.
එසේම ඉන්දියාව විසින් ලංකාවෙන් ලබා ගන්නා රෙදි පිළි කෝටාව වැඩිකර ගැනීම පිළිබඳව දෙරටේ අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කරන ලද අතර දෙරට අතර ඇඟලුම් ක්ෂේත්‍රයේ තාක්ෂණික හුවමාරුව සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමටද මෙහිදී තීරණය විය.
මෙම සංචාරයේදී ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝපාල් මහතා හමුවූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, දෙරට අතර පවතින ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. එසේම හඳුන්නෙත්ති මහතා හමු වූ ඉන්දීය ගල් අඟුරු හා කැණීම් අමාත්‍ය සතිස් චන්ද්‍ර දුබේ මහතා සිමෙන්ති සහ ඛනිජ වැලිවල අගය එකතු කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර ලංකාවේ ඛනිජ වැලි, මිනිරන් හා පොස්පේට් කර්මාන්ත ක්ෂේත්‍රවල වල ආයෝජනය කිරීමට ඉන්දීය ආයෝජකයින් උනන්දුවක් දක්වන බවත් ඉදිරියේදී එම ආයෝජකයින් ලංකාවට පැමිණෙනු ඇති බවට හදුන්නෙත්ති අමාත්‍යවරයාට සහතික විය.
14 දා සිට 16 දා දක්වා සිදුකළ මෙම සංචාරය සඳහා අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමග අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතාද එක්විය.