Monday, May 06, 2024
Follow Us
ජනපතිවරණය අවසන් වූ වහාම එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවා…. ඇමරිකානු තානාපති කාර්යාලය කියයි

ජනාධිපතිවරණය නිමාවීමෙන් පසු එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට ක‍්‍රියාකරන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ප‍්‍රකාශ කර ඇත. එසේම ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට ද අදහස් කරන බව තානාපති කාර්යාල බලධාරීන් සඳහන් කර තිබේ.

මෙම එම්.සී.සී. ගිවිසුමට කෙටුම්පත්වී ඇති අතර ඊට එම්.සී.සී. ආයතනයේ යුරෝපා සහ ආසියානු කලාපයේ උප සභාපතිනි ෆාතිමා සුවර් මහත්මිය සහ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා අත්සන් කිරීමට නියමිතය.

එම ගිවිසුමින් ඉඩම් සහ ප‍්‍රවාහන යනුවෙන් ව්‍යාපෘති දෙකම යෝජනා කර ඇත. මේ වන විට ප‍්‍රකාශයට පත්ව ඇති එම්.සී.සී. ගිවිසුමේ අංක 12 සහ 13 පිටු නැති අතර, එහි අඩංගු කරුණු හෙළිකර නැත.

ඇමරිකානු තානාපති කාර්යාලය තවදුරටත් පවසන්නේ මෙම ගිවිසුම නිරීක්‍ෂණය කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබී ඇති බවය. මෙම ගිවිසුමෙන් මෙරටට ඩොලර් මිලියන 480 ක ණය ප‍්‍රදානයක් හිමිවේ.

(Lanka Leads)