Monday, February 10, 2025
Follow Us
සංචාරක ව්‍යාපාරය විදේශ විනිමයේ ප්‍රධාන කොටසක් නිපොන් පදනමේ සභාපති

විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන අංශයක් ලෙස සංචාරක ව්‍යාපාරය පවතිනු ඇතැයි නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා (06) කොළඹදී හමු වූ අවස්ථාවේදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සසකාවා මහතා ශ්‍රී ලංකා – ජපාන සබඳතා ශක්තිමත් කිරීම සහ අනාගත සහයෝගිතාව සඳහා අවස්ථා පිළිබඳ සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඓතිහාසික සබඳතාවන් ඉස්මතු කළේය. නව රජය යටතේ ශ්‍රී ලංකාව ධනාත්මක ප්‍රගතියක් ලබා ගනිමින් තිබීම ගැන ද ඒ මහතාගේ ප්‍රශංසාවට ලක්විය.

තවද ඇමැති විජිත හේරත් මහතා යාපනයේ සංචාරයක නිරත වීමට සසකාවා මහතාට ආරාධනා කර සිටියේය. මෙහිදී ශ්‍රී ලංකාව සහ නිපොන් පදනම අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් ඇති ක්ෂේත්‍රවල අනාගත සහයෝගිතාව සඳහා සැලකිය යුතු ඉඩ ප්‍රස්තාවක් පවතින බව ද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.