Thursday, February 12, 2026
Follow Us
MCC ගිවිසුමට අත්සන් තැබීම නොවැම්බර් දහසයෙන් පසුව බවට අමෙරිකාවෙන් ප‍්‍රකාශයක්.

ශී‍්‍ර ලංකා රජය සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් තැබීම මෙම වසරේ නොවැම්බර් මස 16 වනදායින් පසුව සිදු කිරීමට අපේ්ක්ෂා කරන බව කොළඹ පිහිටි අමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යයාලය පවසනවා.

අනෙකුත් රටවල් 29 තුළ කි‍්‍රයාත්මක වන සිය ප‍්‍රතිපත්තියට අනුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ප‍්‍රදානය සමාලෝචනය කිරීමට හා අනුමත කිරීමට ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබෙනු ඇති බවයි එම කාර්යයාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

(Neth)