Thursday, January 16, 2025
Follow Us
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබේ.

මිය යන විට ඒ මහතා 92 වියෙහි පසුවිය.

මන්මෝහන් සිං මහතා දීර්ඝ කාලයක් ඉන්දියානු අගමැති ධූරය හොබවා ඇති අතර එරට ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතුවල දී විශාල කාර්යභාරයක් ඉටු කර තිබේ.

ඒ් මහතා ඉන්දීය මුදල් අමාත්‍ය ධුරයෙහි ද කටයුතු කර ඇත.