Tuesday, May 07, 2024
Follow Us
එජා සාම සාධක හමුදා සඳහා 243ක තවත් භට පිරිසක්

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමෙහි රාජකාරී සඳහා යුද හමුදාවේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 223 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඉදිරියේදී දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

මෙම නික්ම යාමට නියමිත යුද හමුදා ඛණ්ඩය විසින් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා වෙත සම්මාන ආචාර පෙළපාලියක් (06දා) කුරුණෑගල, බෝයගනේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.

2019 නොවැම්බර් මස 12 සහ 13 යන දිනයන්හි දී මෙම ඛණ්ඩය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

(Lanka Leads)