Tuesday, February 10, 2026
Follow Us
බෝම්බ බියක් නිසා ඉන්දියාවේ පාසල් 40ක් වැසේ

බෝම්බ තර්ජන සම්බන්ධයෙන් ලද තොරතුරු හේතුවෙන් ඉන්දියාවේ පාසල් 40කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබේ.

ඊයේ (08) රාත්‍රී කාලයේ සහ අද (09) උදෑසන විද්‍යුත් තැපෑල මාර්ගයෙන් මෙම බෝම්බ තර්ජන එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

දිල්ලි නුවර පාසල් 44ක් වෙත මෙලෙස බෝම්බ තර්ජන පිළිබඳ ලිපි ලැබී ඇති බව සඳහන් වේ.

ඒ අනුව ඉන්දීය පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර අද උදෑසන පාසල් වෙත පැමිණ තිබූ ළමුන් කඩිනමින් නිවෙස් කරා යොමුකර පරීක්ෂා කිරීම් ආරම්භ කිරිමට ද ඔවුන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ සඳහා පොලිස් නිළධාරීන්ට අමතරව ගිනි නිවන භටයින්, බෝම්බ නිෂ්ක්‍රීය අංශ සහ නිල සුනඛයින් ද යොදාගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ ද ඉන්දියාවේ පාසල් කිහිපයකට මෙලෙස බෝම්බ තර්ජන එල්ල වී තිබු අතර පසුව ඒවා ව්‍යාජ අනතුරු ඇගවීම් බවට තහවුරු වී තිබුණි.

Dinamina