අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබේ.
මෙතෙක් ප්රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඡන්ද විද්යාල ආසන 267ක් දිනා ඇති අතර, උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 224ක් පමණක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
2024 අමෙරිකානු ජනාධිපති තමන් ජයගත් බවට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළේය.
ඒ ෆ්ලොරිඩාහි, රිපබ්ලිකන් පක්ෂ ප්රධාන මූලස්ථානයේ සිට සිය ආධාරකරුවන් අමතමිනි.
හිටපු ජනාධිපති ට්රම්ප් එහිදී පැවසුවේ අමෙරිකානු ජනතාව පෙර නොවූ තරම් ජන වරමක් තමන් වෙත ලබා දී ඇති බවය.
ජනාධිපතිවරණ සටනේ ඉතාමත් තීරණාත්මක ප්රාන්ත අතරින් ජෝර්ජියා, උතුරු කැරොලිනා සහ පෙනිසල්වේනියා ප්රාන්තවල ජය හිටපු ජනාධිපති ට්රම්ප් සතුව ඇතැයි පුරෝකථන පෙන්වා දෙයි.
එමෙන්ම සෙනට් සභාවේ බලයත් නැවතත් තමන් සතුකර ගැනීමට රිපබ්ලිකන් පක්ෂය මේ වනවිට සමත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.