Tuesday, February 10, 2026
Follow Us
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රේගු අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමක් ඊයේ (30) රුසියාවේ මොස්කව් නුවර දී අත්සන් තබා තිබේ.

මේ සදහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී , සමාජවාදී ජනරජය වෙනුවෙන් ශ්‍රී ලංකා  රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් මහතා සහ රුසියානු සමූහාණ්ඩුව වෙනුවෙන් රුසියානු ෆෙඩරල් රේගු සේවයේ ප්‍රධානී වී.අයි.පිකලොව් මහතා අත්සන් කර තිබේ.

ඒ අනුව ද්විපාර්ශවීය වෙළෙඳ ගණුදෙනු වලදී රේගු කටයුතු නීත්‍යානුකූලව සහ විධිමත්ව පවත්වා ගෙන යාම සදහා අනොන්‍ය සහයෝගිතාවය වර්ධනය කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳාම වර්ධනය කර ගැනීම සදහා ඍජුවම මෙම ගිවිසුම බලපානු ඇතැයි බලාපොරොත්තු වේ.

Dinamina