එළැඹෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ පූර්ව ඡන්ද විමසීම ඊයේ ජෝර්ජියා ප්‍රාන්තයෙන් ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන නොවැම්බර් මස 5 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ පූර්ව ඡන්ද විමසීම මේ සතියේදි එරට ප්‍රාන්ත 10කට වැඩි සංඛ්‍යාවක තෝරාගත් මධ්‍යස්ථානවල පැවැත්වෙන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඕනෑම මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් තීරණාත්මක ප්‍රාන්තයක් බවට පත්වී ඇති ජෝර්ජියා ප්‍රාන්තයේ පූර්ව ඡන්ද විමසීමේදී ලක්ෂ දෙකහමාරකට වැඩි ඡන්දදායකයන් පිරිසක් සිය ඡන්දය භාවිත කර ඇතැයි ද, එය අවසන් වරට 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයේදි එම ප්‍රාන්තයේ පූර්ව ඡන්ද විමසීමට වඩා දෙගුණයක වැඩිවීමක් බව ද වාර්තා වේ.
අමෙරිකානු ජනාධිපතිවරණයේ පූර්ව ඡන්ද විමසීම යටතේ අයෝවා, කැන්සාස්, රෝඩ් දූපත සහ ටෙනේසි ප්‍රාන්තවල ඡන්ද විමසීම අද (17) පැවැත්වෙන අතර, හෙට උතුරු කැරොලිනා ප්‍රාන්තයේද, අනිද්දා ලුසියානා ප්‍රාන්තයේ සහ වොෂින්ටන් ෆෙඩරල් දිස්ත්‍රික්කයේ ද පූර්ව ඡන්ද විමසීම සිදු කිරිමට නියමිත බව වාර්තා වේ. නෙවාඩා සහ මැසචුසේ ප්‍රාන්තවල පූර්ව ඡන්ද විමසීම ලබන 19 වැනිදා සිදු කිරීමට නියමිතව ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේ ද්වන්ද සටන පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු උපජනාධිපති ඩිමොක්රටික් අපේක්ෂිකා කමලා හැරිස් අතරේය.
Dinamina