Saturday, October 05, 2024
Follow Us
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පොරොන්දුවක්

දරුණු පසු­බෑ­ම­කට ලක්වූ ආර්ථි­කය ස්ථාවර මට්ට­ම­කට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­රු­දය සඳහා පූර්ණ සහ­යෝ­ගය ලබා දෙන බවට ඉන්දි­යාව සහ­තික වෙයි.

එක්දින නිල සංචා­ර­යක් සඳහා මෙර­ටට පැමිණි ඉන්දීය විදේශ කට­යුතු ඇමැති ආචාර්ය එස්. ජය­ශං­කර් මහතා ඊයේ (04) පස්ව­රුවේ ජනා­ධි­පති කාර්යා­ලයේ දී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා හමු වූ අව­ස්ථාවේ මේ බව සඳ­හන් කළේය.

ශ්‍රී ලංකා­වට සිය ආර්ථික පුන­රු­දය ඉහළ නංවා ගැනීම වෙනු­වෙන් ඉන්දි­යාවේ දැවැන්ත වෙළ­ඳ­පොළ ප්‍රයෝ­ජ­න­යට ගැනීමේ හැකි­යාව පව­තින බවද ඉන්දීය විදේශ කට­යුතු ඇමැති ආචාර්ය එස්. ජය­ශං­කර් මහතා ප්‍රකාශ කරයි.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ නව ධුර කාලය ආරම්භ වීමත් සම­ඟම මෙරට සංචා­ර­ය­කට එක්වී­මට ලැබීම පිළි­බඳ සතුට පළ­කළ ඉන්දීය විදේශ කට­යුතු ඇමැ­ති­ව­රයා ජනා­ධි­ප­ති­ව­රයා වෙත සිය උණු­සුම් සුබ පැතුම් පිළි­ගැ­න්වීය. එසේම ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ සුබ­පැ­තුම් ද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත පිළි­ගැන්වූ ජය­ශං­කර් මහතා ඉන්දු – ශ්‍රී ලංකා සහ­යෝ­ගි­තාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තව­දු­ර­ටත් ශක්ති­මත් කර ගැනීම පිළි­බ­ඳව ද ජනා­ධි­ප­ති­ව­රයා සමඟ සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාවේ සංචා­රක ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝ­ජ­නය, විදු­ලි­බල හා බල­ශක්ති සහ දියර කිරි කර්මා­න්තය යන ක්ෂේත්‍ර සඳහා සහා­ය­වී­මට ඉන්දි­යාව දක්වන උන­න්දුව පිළි­බ­ඳව ද කරුණු පැහැ­දිලි කළ ඉන්දීය විදේශ කට­යුතු ඇමැ­ති­ව­රයා ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­රු­දය සඳහා ඉන්දි­යාවේ පූර්ණ සහ­යෝ­ගය ලබා­දෙන බවට සහ­තික විය. එසේම ශ්‍රී ලංකා­වට සිය ආර්ථික පුන­රු­දය ඉහළ නංවා ගැනීම වෙනු­වෙන් ඉන්දි­යාවේ දැවැන්ත වෙ‍ෙළ­ඳ­පොළ ප්‍රයෝ­ජ­න­යට ගැනීමේ හැකි­යාව ද ජය­ශං­කර් මහතා අව­ධා­ර­ණය කළේය.

මෑත කාලී­නව ශ්‍රී ලංකා­වට මුහු­ණ­දී­මට සිදු වූ ආර්ථික අර්බු­දයේ දී ඉන්දි­යාව ලබා­දුන් මූල්‍ය සහා­යට සිය කෘත­ඥ­තාව පළ­කළ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඉන්දි­යාව සමඟ අඛණ්ඩ සහ­යෝ­ගී­තා­ව­යෙන් කට­යුතු කිරීම තම අර­මුණ බවද පැව­සීය. ධීවර කර්මා­න්තය සහ ජාතික සම­ගිය ප්‍රව­ර්ධ­නය කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශ­යෙන් උන­න්දු­වක් දක්වන ක්ෂේත්‍ර පිළි­බ­ඳව ද මෙම හමුවේ දී අව­ධා­නය යොමු කෙරිණි.

එසේම නුදුරු දින­ක­දීම ඉන්දි­යාවේ සංචා­ර­යක නිරත වන ලෙස අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ ආරා­ධ­නය ඉන්දීය විදේශ කට­යුතු ඇමැ­ති­ව­රයා විසින් මෙහිදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත පිළි­ගැන්වූ අතර ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාට ද නුදුරු පහසු දිනක දී ශ්‍රී ලංකාවේ සංචා­ර­ය­කට එක්වන ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ආරා­ධනා කළේය‍.