Wednesday, September 18, 2024
Follow Us
පෙට් ස්කෑනර් සඳහා FDG නිෂ්පාදනයට අායෝජන සැපයීමේ ගිවිසුමක්

මෙරට පිළිකා රෝගීන්ගේ රෝග විනිශ්චය සහ රෝග නිරීක්ෂණය සිදුකරනු ලබන පෙට් ස්කෑනර් යන්ත්‍ර සඳහා අවශ්‍ය FDG නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය ආයෝජනය සහ පහසුකම් සැපයීම වෙනුවෙන් දීර්ඝ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට පසුව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ඇක්සක් ජාත්‍යන්තර සමාගම සමඟ ගිවිසුමකට පසුගියදා එළැඹිණි.

මේ හරහා මෙරට රජයේ රෝහල්වල සතියකට වරක් භාවිත කරන පෙට් ස්කෑනර්වල භාවිතය වැඩිවනු ඇත. දැනට ඇති පෙට් ස්කෑනර් යන්ත්‍ර සඳහා අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය වන FDG ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන්නේ සතියකට වරක් වන අතර එම ආනයනික FDG වලින් ද 97%ක් ආනයන ක්‍රියාවලියේදී අපතේ යයි.

මෙම හේතුව නිසා රෝගීන්ට වැය වන මුදල ඉහළ යෑම හේතුවෙන් රජයේ රෝහල්වල පෙට් ස්කෑනර් ක්‍රියාවලිය සීමා වී තිබිණි.

පෞද්ගලික රෝහලක මෙම පෙට් ස්කෑනර් පහසුකම වෙනුවෙන් රු.285,000ක් පමණ වැය වන නමුත් ඉන්දියාවේ මෙය රු.40,000 පමණ අඩු මුදලක් වැය වේ.

අත්සන් තැබූ ගිවිසුම් හරහා පෙට් ස්කෑන් පරීක්ෂණයක් වෙනුවෙන් වැය වන මුදල රජයේ සහ පෞද්ගලික රෝහල්වල අඩු වීම සහ ස්කෑන් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට හැකියාව ලැබෙනු ඇත.