Wednesday, September 18, 2024
Follow Us
"යාගි" ජීවිත 250ක් බිලි ගනියි

වියට්නාමයට බලපෑ යාගී සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ජල ගැලීම්වලින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 250ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් තවත් විශාල සංඛ්‍යාවක් අතුරුදන් වී ඇති බවයි.

එමෙන්ම මෙම තත්ත්වයෙන් ලක්ෂ 20ක පමණ දරුවන් පිරිසකට නිවාස අහිමි වී තිබෙන බවත් පිරිසිදු ජලය, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය සේවා අහිමි වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනිසෙෆ් ආයතනය නිවේදනය කරයි.

Aruna