Wednesday, April 16, 2025
Follow Us
ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ඉන්දුනීසියානු ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්තව, ‍ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු, Ardiansyah Muqsit ඊයේ (20) නාවික හමුදා මූලස්ථානයේ දී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

මෙම නිල හමුවේ දී නාවික හමුදාධිපති සහ ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.