Saturday, April 19, 2025
Follow Us
චීන විදේශ කටයුතු නි. ඇමැති සහ ශ්‍රී ලංකා විදේශ රාජ්‍ය ඇමැති අතර හමුවක්

පසුගිය සෙනසුරාදා ලාඕසයේ Vientiane නගරයෙහි පැවති 31 වන ARF අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා චීනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය SUN Weidong මහතා හමුවිය.

මෙහි දී මහජන චීන සමූහාණ්ඩුව සමඟ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික කටයුතු පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මෑතකදී අත්සන් කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සහ විදේශ කටයුතු උපදේශන සැසි මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන අනෙකුත් කරුණු ඇතුළු අපගේ සබඳතාවන්හි මෑත කාලීන  වර්ධනයන් පිළිබඳව ද මෙහි දී අවධානය යොමුව තිබේ.