Friday, October 18, 2024
Follow Us
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික සමුළුව කොළඹ දී

මෙවර (ICC) වාර්ෂික සමුළුව ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා  ශ්‍රී ලංකාවේ දී පැවැත්විණ. 

ආසියානු කලාපයේ රටක දී මෙම සමුළුව පැවැත්වෙන්නේ පළමු වරට වන අතර ICC සාමාජිකයන් 108 දෙනෙකු ඇතුළු අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියානු පැසිෆික් කලාපය සහ යුරෝපයේ නියෝජිතයන් 220 දෙනෙකු මෙම සමුළුවට සහභාගී විය.

ලොව පුරා සිටින ක්‍රිකට් පරිපාලකයින්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ ප්‍රධානතම හමුව වන ICC සමුළුවේ මෙවර තේමාව වූයේ “Capitalizing on the Olympic Opportunity” යන්නයි.

ඒ යටතේ ක්‍රීඩාවේ උපාය මාර්ගික දිශානතිය සහ ලොව පුරා ක්‍රිකට් සංවර්ධනය  වැනි කාරුණු ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය.