Friday, October 18, 2024
Follow Us
පරිසර අමාත්‍යංශයේදී රාජ්‍යතාන්ත්‍රික නියෝජිත හමුවක්

චීනයේ හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති සන් දහායි මහතා ඇතුලු රාජතාන්ත්‍රික නියෝජිත පිරිසකගේ හමුවවක් පළාත් පාලන පළාත් සභා සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පසුගියදා (16) පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුවිය.

දැනට පවතින ස්වාභාවික සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුත්තේ කෙසේද යන්න වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් වන අතර එම ගැටලුවට විසඳුම් ලෙස විවිධ ප්‍රතිපත්ති රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජාවන් ඇතුලු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවද විවිධ සත්ත්ව හා වෘක්ෂලතාවන්ගෙන් ගහණ වු පරිසර පද්ධතියක් මෙරට දැකගත හැකි අතර එය රැක ගැනිම අප කාගේත් වගකිමක් වනු ඇතැයිද ජානක වක්කුඹුර මහතා පැවසුවේය.

සක්‍රිය නිවර්තන වනාන්තර හා අද්විතිය ජෙෙව විවිධත්වයකට හිමිකම්පාන කලාපයක්වන චීනයේ හයිනාන් පළාතේ දැනුම අප සමග බෙදාහදා ගැනිමට පැමිණිම සම්බන්ධව චීනයේ හයිනාන් පළාත් මහජන කොංග්‍රසසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති සන් දහායි මහතා ඇතුලු පිරිසට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සිය  ස්තූතිය සහ ප්‍රණාමය පිරිනැමීය.

දෙරටෙහි සහයෝගිතාව මත ඉදිරියේදි සංරක්ෂණය පිළිබඳ තාක්ෂණික හුවමාරුව,ජෙෙව විවිධත්ව සංරක්ෂණය, කඩොලාන හා කොරල්පර සංරක්ෂණය පිළිබඳ තාක්ෂණික හුවමාරුව, අත්දැකිම් බෙදා ගැනිම සහ පර්යේෂණ සහයෝගිතාව අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ඒවා ක්‍රියාවට නැංවීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනිමට බලාපොරොත්තු වන බවද අවධාරණය කළේය.

එමෙන්ම පුනර්ජනනීය බලශක්ති අංශය සඳහා සහය ලබාගැනීමද, ස්වභාව ධර්මය මත පදනම් වු විසඳුම් සහ හොඳම භාවිතයන් පිළිබඳ අත්දැකිම් හුවමාරු කර ගැනිමටත් බයෝ චාකෝල් තාක්ෂණය ආදි තාක්ෂණික භාවිතයන් හා කාබන් විමෝචනය අවම කිරිම,  අපද්‍රව්‍ය බැහැර කිරිමේදී මීතේන් අඩු කිරිම ආදි ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබා ගැනිමට අපේක්ෂිත බව සඳහන් කළේය.

මෙම හමුව මගින් පරිසර සහයෝගිතාවයට හා ශ්‍රී ලංකාව සහ චීනයේ හයිනාන් පළාත අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනිමට  අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේය.

මේ අවස්ථාවට චීනයේ හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති සන් දහායි මහතා ඇතුළු රාජ්‍යය තාන්ත්‍රික මට්ටමේ නියෝජිතයන්ද ,පරිසර අමාත්‍යාංශයේ ලේකම් තුමන් ඇතුළු අතිරේක ලේකම් වරුන් පිරිසක් ද සහභාගී වූහ.