Saturday, April 19, 2025
Follow Us
ශ්‍රී ලංකාව UNESCO සංගමයෙහි සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරෙයි

UNESCO අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ඊයේ (16) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාව UNESCO සංගමයෙහි සාමාජිකත්වය ලබා වසර 75 ක් පිරීම සැමරීම නිමිත්තෙන් UNESCO අධ්‍යක්ෂ ජනරාල්වරිය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටී.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේ කටයුතු කෙරෙහි UNESCO සංගමයෙහි දායකත්වය වැඩි දියුණු කිරීමත් ශ්‍රී ලංකාවෙහි එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවත් මෙහි දී සාකච්ඡා කර තිබේ.