Sunday, September 08, 2024
Follow Us
ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුර වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ අසලට වැදී තුවාල සිදුවී ඇති බවයි.

දහසකට වැඩි පිරිසක් එළිමහනේ පැවැති එම මැතිවරණ රැලියට පැමිණ සිටි අතර වෙඩි ප්‍රහාරය එම පිරිස අතරින් වේදිකාවේ සිටි ට්‍රම්ප් දෙසට එල්ල විය.

වෙඩි ප්‍රහාරය එල්ල වුණු සැණින් සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ට්‍රම්ප් වටකරගෙන ඔහුට ආරක්ෂාව දෙද්දී, සෙසු හමුදා ආරක්ෂක නිලධාරීන්ගේ අවධානය වෙඩික්කරු යැයි සැක කළ පුද්ගලයා වෙත යොමු වූ බවත්, ආරක්ෂක අංශ නිලධාරීන් තත්පර කීපයක් ඇතුළත පෙරළා කළ වෙඩි තැබීමෙන් ඔහු මියගිය බවත් පැවැසෙයි.